Friday, August 21, 2009

නිකං මේ හිතෙනවට. from Abnormal minds blog.......

මිනිසුන් මනින දඩු:-
ඇදුමින්..
පැළදුමින්..
හිනාවෙන්..
උසින්..
මහතින්..
කෙට්ටුවෙන්..
කථාවෙන්..
බැලිල්ලෙන්..
ඇසිල්ලෙන්..
ගෙදර සයිස් එකෙන්..
වාහනෙන්..
මොබයිල් එකෙන්..
රස්සාවෙන්..
පරස්ථාවෙන්..
කෑමෙන්..
බීමෙන්..
ජාතියෙන්..
ආගමෙන්..
කුලෙන්..
etc..

ඔය කොයි මිමෙන් මැන්නත්.. මිනිහෙක් මිනිහෙක්ව මනින්නේ තමන්ට සාපේකෂව..
යටි හිත කියනවා.. මම මෙහෙමයිනේ.. ඒක හින්දා මූත් එහෙම වෙන්න ඇති
මම මේ වගේ උනාට මූනම් මට වඩා වෙනස් හින්දා මූ අර වගේ වෙන්න ඇති
හැමදේම සාපේකෂයි..
තමුන් කවුද කියලා 100%ක් නොදන්න අපි
අනුන් ගැන චරිත සහතික දෙනවා..
සහතිකේ ලියවෙන්නේ අපේ අකුරු වලින් නිසා
කෙ‍නාගෙන් කෙනාට අත්අකුරු වෙනස් නිසා
අපි ලියන සහතිකේ අකුරුත් වෙනස් හැඩ ගන්නවා..
හරියට අන්ධයෝ 7 දෙනා අලියව විස්තර කලා වගේ තමා
ඇස් කන් සේරම ඇරිලත් තාම අඩුම ගානේ
තමුන්ට තමුන්ව වත් අදුන ගන්න බැරි එකේ
කොහොමද වෙන ‍මිනි‍හෙක් මේ වගේ කියන්නේ..
ඒ වුනාට ඇහුවොත් නම් කියවයි මෙයා මෙහෙමයි
මෙයා මෙහෙමයි කියලා..
හැබැයි ඒ එළියට එන වචන වල එන්නේ
තම තමන්ගේ හිත් ඇතුලේ තියන කුණු ගද කියලා
කියන අයම දන්නේ නැතුව ඇති.
අවසානෙදි මිනිස්සු මනින්න මිණුම් දණ්ඩක් නෑ..
ඒත්
එක හැගීමක් තියනවා ‍ඔය කොයි කවුරුත්
එකට බැදලා තියන්න පුළුවන්.
ඒ තමයි ආ‍දරේ.
සමහර විට අනිත් අයගේ හිත් වල තියන දේ
තමන්‍ට නොතේරෙන්න පුළුවන්..
ඇත්තෙන්ම තමන් රැවටෙනවා වෙන්නත් පුළුවන්
හැමදේම අවිනිශ්චිතයි
ඒත් ආදරේ ආදරේ සදාකාලිකයි..
කාට හරි කියන්න පුළුවන්
සදාකාලික නොවු ලොකේ සදාකාලික ආදරයක් කොයින්ද කියලා..
ඔව් නෑ තමයි.. ඒත් තමන් තමන්ගේ හිතේ තියන ආදරය විශ්වාස කරන තුරු
ඔය කොයි දේත් අමතක කරලා
ළග ඉන්න කෙනාව ආදරෙන් වැළද ගන්න
පුළුවන් වේවි..

මම මට පුළුවන් උපරිමයෙන් එහෙම කරන්න උත්සහ කරනවා
අනේ අනිත් අයත් එහෙම කරන දවස ඉක්මනින් ආවොත්
අපි හැමෝටම ආයෙත් හිනා වෙන්න පුළුවන් වෙයි.

Thursday, August 20, 2009

සින්දු fun

ගොඩක් දවසකින් ලියන්න හම්බ වුනෙ නැති නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.....පහු ගිය දවස් ටිකෙ මනො විකාර වගයක් බල බල හිටපු නිසා ලියන්න වත් වෙලාවක් තිබුනෙ නැහැ.... මගෙ ආසම සින්දුවක් තමයි රොහාන් බුලෙගොඩ කියන "එක් පෙති මලක් " කියන සින්දුව....බන්දුල නානායක්කාරවසම් ලියපු ඒ සින්දුව අහපු පලවෙනි පාරම මට ඇහැට මාර කදුලු ගොඩක් ආව...එකෙ පද රචනාව කියා ගන්න බරි තමටම මිහිරියි.....මම රස විදින ඔනම නිර්මානයක් මගෙම කර ගෙන අහන්න හරිම ආසයි.... මෙ සින්දුවෙ දෙවෙනි අන්තරා එක හරිම ලස්සනයි "සිටිනා කොදෙව්වක ඔබ සැප විදී නම් මවෙතින් ලබුනු ආදරයත් ලැබේ නම් මතකය ඔබට හිරිහරයක් නොවේ නම් තව කුමකටද දුක් ගී කල්පනාවන්" ඔය සිදුවෙ මට අදාල කරගන්න බැරි පොඩි පරහකට තිබ්බෙ මවෙතින් ලැබුනු ආදරයත් කියන කෑල්ල...මොකද කියන ව නම් මගෙ කතාවෙ මම ඇතුලෙ කොච්චර ආදරයක් තියන් හිටියද කියල අනිත් පැත්තෙ කෙනා දැන ගෙන හිටියෙ නති එකයි....:) නමුත් ඒක මාර ම එකක් කියල මට දැනුනෙ එයා මට හම්බ වෙන්නෙ නැහැ කියල දැන ගත්තටත් පස්සෙ....අත්තම කියන ව නම් යාලු වෙන්න කලින් කෙල්ලොන්ට ආදරය කරන එක තරන් ගොන් කමක් මේ ලොකේ නැහැ කියල තමයි අද මට හිතෙන්නෙ... හැබයි ඉතින් සිටිනා කොදෙව්වක නුබ සැප විදී නම් කෑල්ලනම් මම හැම දාම වගෙ හිතන දෙයක්...එක කාටවත් පැහදිලි කරල දෙන්න අමාරු තරමටම complex .... අන්තිම පෙලිය තව කුමකටද දුක් ගී කල්පනාවන් කියන එක හeමදාම කරන්න ඔන කියල හිතුවට මොකද කරන්න හරිම අමාරු දෙයක්.... මොනව කරන්නද දුක තමයි කියල අල්ලන් ඉන්න තියෙන්නෙ.... :) එත් ඉතින් ජීවිතය එන විදියකට මූන දීල සතුටින් ඉන්න එකට මේවා බාදාවක් කර ගන්න නම් හොද නැහ... අදට ඇති වගෙ

Tuesday, August 4, 2009

From දුකා's blog.....really nice.....

සසර පුරා දිගු ගමනක් යන්නට . . .

අත්වැල කනවැල වෙමි මම දවසක . . .

දුක්විඳි පෙර කල සිහිනයක්ම මැයි. . .

සතුටු සිනා ඇත්තේ හෙට පෙර මඟ . . .

ළමා ළපැටියන් දෑතින් අල්ලා . . .

සිනා සිසී අපි යමු ඒ මල් මඟ . . .

බැඳුනේ දෑඟිලි දෙගුරුන් අසිරින් . . .

වැලපෙන්නට නොව මේ ලෙස ළසොවින් . . .

මා . . ද ඔබම වන . . . ඔබද මා. . ම වන . .

අපට අපව අපි . . . අප ලෙස දැකි හැකි . . .

සිනා පිරි හදින් දවසක් අරඹන . . .

දවස කොයි තරම් දුරකද කිව මැන . . . !