Monday, February 28, 2011

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තරඟ පාවා දෙයි....

1948 අගොස්තු මස 14 වන දින තම අවසන් ටෙස්ට් ක්‍රිකට් ඉනිම ක්‍රීඩා කළ දොන් බ්‍රැඩ්මන් එම ඉනිම මුදලට පාවා දී ඇතිබව ශ්‍රී ලාංකීය මාධ්‍යවේදියෙක් අනාවරණය කරයි... ඉතාම උසස් මාධ්‍ය හසුරුවක් ඇති මොහුගේ කියුම සුළුලෙස තකා ඉවත දැමිය නොහැක... ක්‍රිකට් ඉතිහාසයේ ස්ථාවරම පිතිකරු ලෙස සැලකෙන දොන් තම අවසන් ඉනිමේ ලකුණු නොලබා දැවී යාමට තීරණය කර ඇත්තේ බුකීකරුවන්ගෙන් ලබා ගත් විශාල මුදලක් හේතුවෙන් බව ඔහුගේ අදහසයි..එරික් හොලීස් නම් සාමාන්‍ය පෙළේ පන්දු යවන්නෙක් හමුවේ ඔහුගේ දැවී යාම අතිශය සැක සහිතය..විශේෂයෙන් ලකුණු 4ක් ලබාගත්තෙහි නම් ලකුණු 100 යක සාමාන්‍යක් ලබා තම දිවිය අවසන් කල හැකිව තිබුනත් ලද මුදල් ප්‍රමාණය හමුවේ එය මඟහැර දැමීමට දොන් ට සිදුව ඇත... මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කරන මහාර්ඝ සේවාවට ගරු කිරීමක් ලෙස මෙම මාධ්‍යවේදියාට නයිට් පදවියක් පිරිනැමීමට දෙවන එළිසබෙත් මහ රැජිණ තීරණය කොට ඇත..(එංගලන්තෙ මාළිගාවේ උළු ටික ලංකාවේ අසික්කිතයන්ගෙන් බේරා ගැනීමට මොහු දැඩි පරිශ්‍රමයක් දරා තිබීමද මෙයට හේතු විය හැක )

Wednesday, February 23, 2011

අලගියවන්න මුකවෙටි හා මනුරංග විජේසේකර ( ළහිරුගේ ගීත රචකයා )

මනුරංග මා සිතන ලෙස සකස් කළ තනුවකට ගීතයක් රචනා කරල ඒක තහනම් කරගත්තා... මට දැනුනු ආකාරයට මේක තහනම් වුනේ එහි තිබුනු අති සරල වචන මාලාව නිසා...ඒක අහන සියළු දෙනාටම තේරුනා.. ඒ නිසාම ඒකට අර්ථකතන දෙන්න බොහෝ දෙනෙක් හිටියා..

අලගියවැන්න මුකවැටි තුමා සුභාෂිතය,පරංගි හටන වගේ සිංහල සාහිත්‍යයට වැදගත් යයි සම්මත පොත් ලියපු අයෙක්.. පාසැල් යන කාලේ එතුමාගේ දෙමව්පියො මතක් වෙච්ච අවස්ථා බොහොමයක් තිබුනා.. :) එතුමා සුභාෂිතයේ මෙහෙම ලියල තියෙනවා..

පහළ පොරණ ඉසිවර මුවෙනි මන නඳ
දෙමළ සකු මගද නොහසළ සතට දද
පුවළ නීති සත ගත පද අරුත් ලෙද
සිහළ බසින් සැකෙවින් කියමි පද බැඳ

දැන් මේ කවිය නිසි ලෙස ගලප ගන්න පුළුවන් කීදෙනෙක් අප අතර ඉන්නවද...මමත් අමාරුවෙන් තේරුම හොයා ගත්තේ.. මේ කවිය සුභාෂිතය ලියුවේ ඇයි යන්න පැහැදිලි කිරීමක්...මම මේ කවියට හොයා ගත්ත අර්ථකතනයක් පහත දැක්වෙනවා..

"දෙමළ, සංස්කෘත, පාලි(මාගධි ) යන භාෂාවන් නොඋගත් මෝඩ ජනයා සඳහා පුරාණ ඍෂිවරුන්ගේ මුඛයෙන් නික්මුනා වූ සිත් සතුටු කරවන මහා නීති, ග්‍රන්ථවල එන පදාර්ථ අනුව සිංහල භාෂාවෙන් කෙටියෙන් කවි ගොතා කියමි"

සිංහලයා මෝඩයායැයි නොතේරෙන භාෂාවෙන් කිවූ මුකවෙටි තුමා අදත් සිංහලුන්ගේ ගරු බුහුමන් ලබමින් සිටිනවා...
විශේෂයෙන් දෙමළ භාෂාව සිංහලයට වඩා උසස් යැයි කිවහොත් ඇතිවන තත්වය... මනුරංග උපදෙසක් හැටියට මින්පසු ගීත ලියන විට බහුතරයට නොතේරන ලෙස ලියන්න..එවිට ඔබටත් බුහුමන් ලැබිය හැකිවනු ඇත.

Monday, February 14, 2011

වැලන්ටයින්.......

සුබ වැලන්ටයින් දිනයක්.. (Happy Valentine's Day) මේක අද උදේ පිට්ස්බර්ග් වල පාසැලක විද්‍යුත් දැන්වීම් පුවරුවේ දකින්නට ලැබුණු සටහනක්..පිටරටින් එන හැම දේම බදාගන්න ඉන්න ලංකාවට මේක පැතිරෙන්න තව කොච්චර කල් යයි ද.... ????