Thursday, April 7, 2011

බබාගෙන් ක්‍රිකට් මාමිලාට ලියුමක්....


සංගා මාමියි මහේල මාමියි හරිම නරකය...ඒ නෝටි මාමලා ගිය එකම හොඳය... අරවින්ද සීයාත් ඒ අය වගේමය.. ඒ ගොල්ලන්ට වඩා අර මැතිව්ස් අයියාට කෙළ හලන අක්කිලා ක්‍රිකට් ගැන දන්නවාය... මැතිව්ස් අයියා කැප්ටන් වෙනවට බබාත් ගොඩක් ආස වුනාට මේ අක්කල ඒ අයියව ඉතුරු කරයිද කියල බයය...

ඩී. ඇස් කිරි අත්තත් එයාගේ බෑනල සෙට් එකත් ණය අරගෙන වර්ඩ් කප් එක ශෝක් එකට කළාය.. අම්මියි, තාත්තියි බඩු මිල කතාවක් කිව්වත් මට ඒවා ගානක් නැහැ.. ඩී.ඇස් අත්තා අයින් නොකළ එක හරි ශෝක්ය... සංගා මාමිල වගේ නෙමේ අත්තා ඕක මැරෙනකන් දාල යන්නේ නැහැ..අත්තට දීර්ඝායුෂ..



බබාට හිතෙන හැටියට සනත් සීය ආයි කැප්ටන් වෙලා එයි වගේ.. නාමල් අයියා ක්‍රිකට් ගැහුවා නම් මේ කිසිම ගැටළුවක් නැත.. අනේ මර්වින් බාප්පොච්චි ඔයා තේරුම් කමිටුවට එන්නකෝ.. එතකොට කවුරුවත් පිස්සු නටන එකක් නැහැ.. අබේසුන්දර මහප්පාව කෝච් හැටියට ගත්තා නම් අපි හැම මැච් එකම දිනනවාය..


බබා තව ටිකක් ලොකු වෙන කොට අපේ ක්‍රිකට් අර ආශ්චර්ය තත්වයට පත්වෙලා තියෙයි නේද මාමිලා... :) ඒකට ඉතින් මට හරි ජොලිය...

Friday, April 1, 2011

මහනාම සහ මැතිව්ස්....

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටින දක්ශතම තරුණ ක්‍රීඩකයා බවට විවාදයක් නැත... ඇන්ජලෝ උන්මාදයක් ලංකාවේ ක්‍රිකට් රසිකාවියන් අතර ගලා උතුරා යන්නට පටන් ගත්තේ ඔය අතරය...ඇතැම් අය ඇන්ජලෝට ප්‍රසිද්ධියේ විවාහ යෝජනා ගෙන ආ අතර තව සමහරු ඊට වඩා ඒවාත් කරන්නට පටන් ගත්තා...

මට මතක හැටියට මින් පෙර මෙවැනි උන්මාදයක් තිබුනේ රොෂාන් මහනාම පිළිබඳවයි... මහනාම පාසල් කාලයේ අරවින්දටත් වඩා දක්ශතා පෙන්වපු කෙනෙක්..නමුත් මේ උන්මාදය නිසාමද මන්දා මහනාම අරවින්ද තරම් දක්ශතා ප්‍රකට කළේ නැහැ ජාතික කණ්ඩායමේදි.. ඒ වගේම මහනාම නිතරම ආබාධ වලට ලක් වුනා..ඒ දවස් වල මහනාමට අපි කිව්වේ සදා සොත්ති කියල..
අනේ මන්දා මට හිතෙන හැටිද කියල ...අපේ කෙල්ලොන්ගේ ඇස්වහ කටවහ සෑහෙන්න දරුණුයි වගේ... මැතිව්ස් ට මහනාමට වෙච්ච දෙයම නොවේවා කියල ඔන්න මම ප්‍රාර්ථනා කරනවා...

කොහොමෙන් කොහොම උනත් අපේ කොල්ලො ටික ඉන්දියාවට හොඳට නෙලල එයි කියල බලන් ඉන්නේ මෙහේ ඉන්න ඉන්දියාවේ උන්ට පොඩි සත්තමක් දාන්න...