Tuesday, October 13, 2009

අපිට සමාජයෙ හිමි කොතැනද?......

මේ ළගදි මම සුහද කත බහක ඉන්න වෙලාවක මට මාර කල කිරීමක් ඇති උනා සමාජය ගැන....මිනිස්සු තවම බාහිර ස්වරූපය මත එකිනෙකා කිරා මනින්න පුරුදු වෙලා ඉන්න එක මේ සම්මජ්ජාතියෙවත් මග හරින එකක් නම් නැහැ... තමුන්ගෙ ජීවිතෙ හරි හමන් විදියට කිරා මැන ගන්න බැරි මිනිස්සු අනිත් අයලුන්ගෙ ජීවිත කිරන්න මනින්න යන එක මට තේරුම් ගන්න අපහසු කාරණාවක්....සමාජයෙ සම්මත හොඳ පුද්ගල අර්ථකථනය තනිකරම බාහිර ස්වරූපය මත තීරනය වෙන අබුද්දස්ස කාලෙක තමය් අපිට අවාසනවන්ත විදියට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ... මනුස්සයෙක් හොඳ පුද්ගල වර්ගීකරනයට අහුවෙන්න බොලිවුඩ් පෙනුමක් නැත්නම් මේ සම්මජ්ජතියෙවත් බැහැ.... පුදුමෙ කියන්නෙ මම දැන් ඉන්න ඇමරිකාවෙ මීට වඩා බොහොම පුලුල් දැක්මක් මේ ගැන තියෙන්නෙ... හොඳ කියල සමාජ සම්මත හදා ගත්ත අපෙ සමාජයම අද බහු බූත මිනුම් වලින් මිනිස්සු කිරා බලනවා...මනුස්සකම කියන එක වල පල්ලට ගියත් මොකද දිලිසි දිලිසි ඉන්නවනම්... මනුස්සකම කඩෙන් ගන්න කාලයක් ළගදිම උදා වෙය් කියලය් මට නම් හිතෙන්නෙ....මොකද ඒක සිල්ලර තත්වයට ඇද දාන්න මිනිස්සුම කරන අපරාද අතිමහත් ...මම සමාජය ගැන ගොඩක් දේවල් දන්නවා කියල හිතා ගෙන හිටියට මම තම දැකල තියෙන්නෙ සමාජයෙ එක පැතිකඩක් විතරය් කියල මට සමහර වෙලාවට හිතෙනවා... මම නොදන්නා පැතිකඩ ගැන ඉගෙන ගන්න මට කාලයක් තිබ්බනම් කියල වෙලාවකට හිතෙනවා...නමුත් ඔය විකාර ගැන හිතනවට වඩා ඔය බහුබූත මිනුම් වලින් අපිව මනින සමාජයට යමක් දෙන්න අපෙ කාලය වැය කලොත් එක අපෙ හිතට සනීපයක් වත් ලබා දෙය් කවදා හරි... ඒක හින්ද මම මේක ලියන එක අදට නවත්තලා අපිටම ගරහන්න බලන් ඉන්න සමාජයට හිතදාය් යමක් කරන්න මගේ පර්යේෂණයට අඳාළ වැඩක් කරන්න යනවා....මටම බුදු සරණය්,දෙවි පිහිටය්.... :)

No comments:

Post a Comment