I was looking at some interesting documentaries for the past few days. One interesting thing I noticed was the incompetence of Russians during a crisis.. They were a super power and as a result made some stupid mistakes costing few hundred Russian lives just to keep their pride intact. Interestingly all these incidents that I saw happened after 2000 when they were not as powerful during soviet union.
Starting from 12 August 2000 when the Russian submarine Kursk sank to the ocean floor after an explosion. They refused international help in spite of the fact the British and Norwegian rescue teams were willing to help them. It cost lives of 118 Russians on board. Then only in 2001 a Dutch team was able to recover the wreckage and the dead bodies.
Then on 23 October 2002 Moscow theater hostage crisis was some what different. Kremlin was adamant not have any negotiations with the terrorists and used a nerve gas to make around 40 Chechen militants unconscious along with 850 hostages. Initially the mission looked brilliant as they were able to prevent militants blowing up the place. However there was not enough anti dose for the hostages to bring them back to normal and Russian military was adamant not to disclose the gas they used preventing doctors to treat the hostages. This resulted in death of 129 civilians.
Finally the most gruesome of all. Beslan school hostage crisis which happened on 1 September 2004. Chechen rebels took hostage of around 1200 people; mostly little children. Again Kremlin was not in a negotiation mode and finally decided to siege the school when rebels have threaten to blow up the place. This cost more than 300 lives mostly school children. Up to this day most of the fact and figures of this mission remains a mystery.
Another submarine accident occurred on 5 August 2005. Fortunately Kremlin had to relax its' stance specially because of the Kursk incident and had to ask for help from US and UK. UK team was able to carry out the rescue mission even in the midst of some silly decision making of Russians.
All these incidents happened during the Ptuin was in power. It was kind of hard to understand his way of thinking during these crisis situations. Even before Putin's time in 1995 Budyonnovsk hospital hostage crisis resulted in the lost of 166 lives. One shocking thing from all these incidents how bad they act during a time of crisis.
One master piece of hostage rescue was carried out by Israelis in 1976 during Entebbe Hostage Rescue. They were able to rescue 103 hijacked passengers from an Ugandan airport terminal. Only 3 casualties were reported. This was carried out in a foreign land when the state of Israel was still in its infancy.
Most of these incidents are documented in video and can befound in you tube.
Wednesday, December 29, 2010
Thursday, December 23, 2010
සුනාමියේ මතක සටහන්.....
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ //
ඇඹරි ඇඹරී වියරු දළ රළ
මුහුද මහ මෙර දෙදරවයි
බුර බුරා නැඟි කුරිරු ජල කඳ //
වෙරළ සම්පත ගිල ගනී....
මහගමසේකර, සෝමපාල ඇල්විටිගල හා අමරදේව යන සුවිශේෂී කලාකරුවන්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වුනු "සිනිදු සුදු මුදු තලාවේ" ගීතයේ අවසාන පද කීපය ඉහත ලෙසයි දැක්වෙන්නේ..වසර ගණනාවක් තිස්සේ මෙයට ඇහුම් කන් දුන්නත් මෙය වාදනය හා ගායනයට පාසලේදී සහභාගී වුනත් මෙහි ඉහත උපුටා දක්වපු කොටසේ පදරුත් වැටහෙන්නට බොහෝ කලක් ගතවුනා...ඒ හරියටම මීට වසර 6 කට පෙර ලාංකීය අප විසින් මුහුණ දුන්න දරුණුතම ස්වභාවික ව්‍යසනය වන සුනාමියත් සමඟ...
වසර ගණනාවක ලිඛිත හෝ මුඛ පරම්පරගත ලාංකීය ඉතිහාසයේ මෙවැනි ස්වාභාවික විපතක් සිදුවී නැහැ..නමුත් ඒ අවස්ථාවේ ලාංකීය ජාතියක් ලෙස අප එකිනෙකා කෙරෙහි දක්වපු මානව සෙනෙහස සැමදාටම තිබේ නම් කෙතරම් අගනේදැයි වැටහෙන්නේ පසුකාලීනව සිදු වූ සිදුවීම් දාමය දෙස බැලීමේදියි..ඒ කෙසේ වෙතත් වසර 6 කට පෙර අත්දුටු ජීවිත කාලයකට අමතක නොවන අත්දැකීමක් ලබාදුන්නු සිදුවීම් කීපයක් ආවර්ජනයට යම් විවේකයක් ලැබුනු වෙලේ සිත් දුන්නා...
සුනාමිය සිදුවූ 2004 වසරේ අගභාගයේ මා විශ්ව විද්‍යාලයේ දෙවන වසර සිසුවෙක්.... සුනාමියෙන් අසරණ වූවන්ට යමක් කළ යුතු යැයි යන හැඟීම විශ්ව විද්‍යාලයේ මා හා සිටි සොයුරන් සියළු දෙනාටම දැනුනු දෙයක්... දෙසැම්බර් 28 දින අප කිහිප දෙනෙක් හමුවී කතිකා කර ගත්තේ බොහෝ ආධාර දකුණු පළාත් වලට ලැබෙන නිසා නැගෙනහිර හෝ උතුරු පළාත්හි තැනකට යාමටයි...අවසානයේ තීරණය වුනේ අම්පාරයි.. දෙසැම්බර් 29 දින ආධාර හැකි පමණ එකතු කර ගත් අතර 30 වෙනිදා උදෑසනම යාමට තීරණය කර ගත්තා..ඒ වන විට අපේ කණ්ඩායමේ මිත්‍රයෙක් මෙම ගමනට වෛද්‍යවරයෙක් හා පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍යන් කිහිප දෙනෙක් සහභාගී කරගැනීමට කතිකා කර තිබුනා..ඔවුන්ගේ සහභාගීත්වය ඇත්තෙන්න්ම ඉතා වටිනා දෙයක් වූවා..ගමනට පෙර අම්පාරෙහි තත්වය පිළිබඳව හා ඔවුන්ට අත්‍යාවශ්‍යය දෑ පිළිබඳව අපි එහි සිටින නිලධාරීන්ගෙන් විමසීම් කර තිබුනා.. සුළු දැනුම් දීමකින් දවස් එක හමාරක් වැනි කෙටි කාලයක් ඇතුලත කුඩා ලොරියක් හා වෑන් දෙකක් යාමට තරම් මානව හා භෞතික සම්පත් සොයා ගන්න අපිට හැකිවුනා....
30 වෙනිදා උදෑසන අම්පාර බලා පිටත් වෙත්දීත් මඟ දිගට තවත් සුනාමි එන බවට ප්‍රචාරය වන බව අපගේ දුරකතන වලට ඇමතුම් ලැබුනා..නමුත් එදින දහවල් වනවිට අප අම්පාර නගරයට සේන්දු වුනා.. රජයේ නිළධාරීන් කිහිප දෙනෙක් හමු වීමෙන් පසු අප අම්පාර බණ්ඩාරනායක පාසලේ අවතැන් කඳවුරට ගිය විට සිදුවී තිබෙන විපතේ තත්වය යම් තාක් දුරකට අවබෝධ වූවා.. දින කිහිපයකට පෙර තමුන්ගේම කියා නිවෙස් වල ජීවත් වූ මිනිසුන් කඳවුරක මූලික පහසුකම් වත් නොමැතිව දිවි ගෙවනු අපිට දක්නට ලැබුනා..බොහෝදෙනෙකුට අතිශය දුක්ඛදායක කතා පුවත් පමණයි ඉතිරි වී තිබුනේ.. දිවි ගලවා ගත් බහුතරය කැපුම් තුවාල වලින් පීඩා ලබමින් සිටියා...එහි සිටි ඇතැම් දමිළ වැසියන්ට හා කතා බහේ යෙදෙන්නට හා ඔවුනට අවශ්‍යය ප්‍රතිකාර කිරීමට අප හා හිටි දමිළ සොහොයුරන් දෙදෙනෙක් මහත් සේ උපකාරී වූවා...සවස් යාමයේ එක් වරම බොහෝ දෙනෙක් එම කඳවුරට පැමිණෙනු දක්නට ලැබුනා.. විමසූ විට ඔවුන් පැවසුවේ තවත් සුනාමියක් එන ලෙස කටකතා පැතිරුන නිසා ගම් පිටින් මෙලෙස පැමිණි බවයි.. කට කතා වූවත් සිදු වූ ව්‍යසනය දෙස බලද්දී ඔවුනට වෙන විකල්පයක් තිබුනේ නැහැ..
එදින රාත්‍රියේ අප අම්පාර නගරයේ පන්සලක නවාතැන් ගත් අතර, පසු දින උදෑසනම පිටත් වූයේ A 31 මාර්ගයේ අම්පාරේ සිට සැතපුම් 20 ක් පමණ දුරකින් වූ කාර්තිවු නගරයටයි..එහිදී අපේ සහයට පැමිණියේ කාර්තිවු විශේෂ කාර්ය්‍ය බලකා කඳවුරේ සෙබළ සොයුරන්..ඔවුන් අපව කාර්තිවු හි පාසලක තිබූ අවතැන් කඳවුරකට රැගෙන ගියා...එහි තත්වය අම්පාරේ තත්වයටත් වඩා ඛේදනීය වූවා.. එහි විශේෂත්වය වුනේ එම කඳවුරේ එල්ටීටීඊ සාමජිකයන් පවා සිටීමයි... ස්වභාවික ව්‍යසනයකදී ජාතිය ජන්මය කුලය හෝ දේශපාලන මතයන් යනාදී මනුශ්‍යයා විසින් තනා ගත් මානයන් ස්වභාව ධර්මයා තඹ සතයක් වත් තකන්නේ නැති බවට හොඳම උදාහරණයන් එහි තිබුනා..එහි සිටි ඉතා ස්වල්ප දෙනෙක් ට අමතරව කිසිදු අයෙක් සිංහල දැන සිටියේ නැහැ..අපේ පිරිසෙන් සිටි දමිළ සොහොයුරන් දෙදෙනාට අමතරව අනිත් අය දෙමළ පිළිබඳව දැනුමක් තිබුනේ නම් ඒ ඉතා අල්පවයි.. ඒ නමුත් ඔවුන්ගේ හිත් වල තිබුනු වේදනාවන් වටහා ගන්නට එය බාධාවක් වුනේ නැහැ.. ඔවුන් ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද බොහෝ පීඩාවන්ට ලක්ව සිටියා.. ඉතිරිව තිබුනේ ඔවුන්ගේ පණ කෙන්ද හා ඇඳි වත පමණයි.. පෞද්ගලිකව හද සසල කරවනම සිදුවීම වූයේ වෛද්‍ය කඳවුර අවසානයේ ජීවිතයේ සියල්ලම පාහේ අහිමි වූ ඔවුන් අප හට තේ පැන් සංග්‍රහයක් සිදු කිරීමයි..මෙය අදහා ගත තරම් නොහැකි සිදු වීමක්..සියල්ලම අහිමි වී අසරණ වී සිටි ඔවුන් තමුන්ගේ උදවුවට පැමිණි අයළුන්ට කෘතඥ පූර්වක වීමට අමතක කළේ නැහැ.. ඔවුන් ඒ දක්වූ ලෙන්ගතු කම මැරෙන සදාකාලිකව හිතේ රඳා පතීවි..දමිළ ජනයා සියල්ලන්ම ත්‍රස්තවාදීන් යැයි සිතනා මිනිසුන් සියල්ල ඒ මොහොතේ එතැන සිටියා නම් ඇතැම් විට ඔවුන්ගේ ඇස් ඇරෙනු ඇති..
එම කඳවුරෙන් පසුව අප කාර්තිවු නගරය තිබූ ස්ථානය කරා ළඟා වූවා...එහි ඉතිරි වී තිබුනේ මුහුද හා පොර බැඳ පරාජිතව සිටි ගොඩනැඟිලිහි නශ්ඨාවශේෂයන් පමණයි..මුහුදු වෙරළ ආසන්නයෙම පිහිටි නගරයක් වන මෙහි රජයේ රෝහලේ පාදම් කොටස් පමණක් ඉතිරි වී තිබුණු අතර වෛද්‍ය නිළධාරිවරයෙක්ගේ උඩුබැළි වී ගිය රථයක් ඒ මත රැදී තිබුණා..අඩි 20-30 ක් පමණ උස පොල් ගස් වල කරටි කිසිවක් පෙනෙන්නට තිබුනේ නැහැ..ඒ අසලම තිබුණු විපුලානන්ද විද්‍යාලයේ තුන් මහල් ගොඩනැඟිල්ලක ඉහලින්ම සටහන් වුනු රළ පහරක සළකුණු සිදුවූ තිබුනු විපතේ බැරෑරුම්කම කියා පෑවා...
ඉන් අනතුරුව අප A4 මාර්ගය දිගේ සැතපුම් කිහිපයක් උතුරට ගමන් කලේ කල්මුණේ නගරය දෙසටයි... කල්මුණේ නඟරය සුනාමියෙන් දරුණු ලෙසම බැට කෑ නඟරයක්.. සතියකට පමණ පෙර විවෘත කළ තැපල් කාර්යාලය හැර අන් සියළුම ගොඩනැඟිලි බිමට සමතලා වී තිබුනා... මුහුදු වෙරළේ සිට කිලෝමීටරයක් පමණ යනතුරු තිබූ සියළු ගොඩනැඟිලි වල ඉරණම වී තිබුනේ එයයි.. විශේෂ කාර්ය බලකා සෙබළුන් පැවසූ අයුරින් එම ප්‍රදේශයේ බහුතරය සුනාමියේ ගොදුරු වී තිබුනා.. විශේෂ කාර්ය බලකා කඳවුරේ සිටි සෙබළුන් 8 දෙනා දිවි ගලවා ගෙන තිබුනා...ඔවුන් ගැබිණි මාතාවක් බැරලයක් තුල දමා ගෙන මුහුදේ සිට ඇයගේ දිවි රැක දුන් අයුරු විස්තර කළ කතා ඇසූ විට ඔවුන් පිළිබඳව ගෞරවයක් ඇතිවූයේ නිතැතින්..තවත් විශේෂත්වක් වූයේ සුනාමිය සිදු වී දින දෙකක් අතුළත සියළු මළ සිරුරු භූමදානය කිරීමට හමුදාව හා අනිකුත් ස්වේච්ඡා සෙවකයන් සමත් වීමයි.. එක් සෙබළ සොහොයුරෙක් පැවසූ ලෙස හවස 6 ට සිරුරු භූමදානය ඇරඹූ ඔහු පසුදා උදෑසන තෙක් සිරුරු 600ක් පමණ වළ දමා තිබෙනවා.. විශේෂයෙන් මුහුදු වෙරල ආශ්‍රිතව මෙය සිදු කිරීමේදී වළ දමා තිබූ සිරුරු රැල්ලත් සමඟ ගොඩ ගසා ඒමට පටන් ගත් නිසා නැවත පොල් අතු අතුරා භූමදානයන් සිදු කර තිබෙනවා...යමෙක් මත් පැන් බීම සාධාරණය කළ එකම අවස්ථාව සේ මට මෙතුවක් අසන්නට ලැබුනේ ඔහු "මල්ලි හොඳ සිහියෙන් අපි මේව කොහොමද කරන්නේ" ලෙස පැවසූ විටයි..මේ සියළු කාර්යන් සිදු කළ ඔවුනට තිබුනේ නිල ඇඳුම් දෙකක් පමනයි...නමුත් ඔවුන් ඒ පිලිබඳව අවනඩු පවස පවස නොසිට තමුන්ට අඳාළ කාර්යන් මැනවින් ඉටු කර තිබුනා...ඇත්තෙන්ම මෙම සෙබළුන් තමුන්ගේ ජීවිතය පරදුවට තබා මහජනයාගේ ජීවිත බේරා ගෙන තිබුනා.. එම ජනතාවද මෙම සෙබළුන්ට එම නිසි ගෞරවය ලබා දෙන ආකාරය මැනවින් අපට දක්නට ලැබුනා..
ඉන් අනතුරුව අප අම්පාර නගරයට ගොස් නුවර බලා යෑමට සූදානම් වූවත් විශේෂ කාර්ය බලකා සෙබළුන් එයට ඉඩ දුන්නේ නැහැ.. ඔවුන් තරයේ කියා සිටියේ ආහාර වේලක් නොගෙන අපට යෑමට ඉඩ නොදෙන බවයි.. සුන්දර ආඥාවක් වූ එය පිළිගත් අප කාර්තිවු විශේෂ කාර්ය බලකා කඳවුරේදි ඉතා ඉහළින් පිළි ගත්තා... දවස් ගණනක් ආහර නොගෙන සිටි මෙම සෙබළ සොහොයුරන් අපට ආහාර වේලක් හැකි පමණින් පිළියෙල කර දුන්නා...ඇත්තෙන්නම ඔවුන් පිළිබඳව දැඩි ගෞරවක් අදත් මා සිතේ නොමැකී පවතිනවා... සෙබළ සොහොයුරන්ගේ සංග්‍රහය භුක්ති විඳි අප කාර්තිවු සිට අම්පාර දෙසට නැවත පැමිණියා..මෙහි අතරමඟ හමුවුනු සයින්දමරුදු නගරයේ මුස්ලිම් පල්ලියට යාබදව සුනාමියෙ විශාලතම සමූහ මිනී වල දක්නට ලැබෙනවා..ඒ වාගේම මෙම මඟ හමුවන සමන්තුරේ ප්‍රදේශය ලංකාවේ විශාලතම කුඹුරු යායන් දැකිය හැකි ස්ථානයක්...
ආපසු අම්පාරට පැමිණි අප එදා රාත්‍රියේම නුවරට පැමිණීමට තීරණය කළා.. දෙසැම්බර් 31 රාත්‍රියේ නැවත ගමන ඇරඹූ අප 2005 නව වසර උදා වන විට සිටියේද මහ මඟයි... (ඔරුතොට ආසන්නයේ)... ශාරීරිකව හා මානසිකව ඉතා විඩාබරව සිටියත් යටි සිතේ අප සිදු කාර්ය පිළිබඳව දැඩි තෘප්තියක් තිබුනා... වසර 6 කට පසුත් මෙම ගමනෙන් ලබා ගත් අත්දැකීම් ජීවිතය ඉදිරියට ගෙන යාමට පිටුවහල් වී තිබෙනවා... අවාසනාවට මෙවා අත් දකින්නට මිනිසුන් 40000 කගේ පමණ ජීවිත අහිමි වීමට සිදු වීම කණගාටුවට කරුණක්...
එදා නැවත පැමිනි පසු මා සිතුවේ සුනාමියෙන් අපට කොතෙක් දේ අහිමි වූවත් එයින් ඉගෙන ගත හැකි පාඩම් වලින් අපේ රට ඉදිරියටම යනු ඇතැයි කියාය...නමුත් මාස කිහිපයක ඇවෑමෙන් අපට සුනාමියක් සිදු වූවාදැයි වත් අමතක විය... එයින් පාඩම් ඉගෙනීම කෙසේ වෙතත් ඇණ කොට ගැනීම් නැවතත් ඇරඹුණා.. යුද්ධයක් නිමාවුනා... දේශපාලන හැල හැප්පීම් වුනා.. මේ සියල්ල දිහා ස්වභාව ධර්මයා නිහඬවම බලා සිටියා... ඔහුට නැවතත් ලංකාවේ ජනයාට පාඩමක් ඉගෙන්වීමට නොසිතේවායි යන්න මගේ ප්‍රාර්ථනයයි...
පෞද්ගලිකව ජීවිතයට වටිනා පාඩම් රාශියක් හා ජීවිතයේ කිසිදා නොදුටු පැතිකඩයන් පෙන්වා දුන් සුනාමියේදි ජීවිතය පූජා කළ සියළු දෙනාහට ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව සැපතක්ම ලැබේවා...
පසු සටහන: මෙම ගමනේ තිබූ සංවේදීකම අමතක වන ආකාරයේ අත්දැකීම් රාශියක් තිබුනා..ඒවා ගැන වෙනම කතා පෙළක්ම ලියන්න වෙන නිසා දැනට සඳහන් කළේ නැහැ... :)...
Wednesday, May 19, 2010
යුද්ධය හා සාමය
මේ ආත්මෙදි ඉවර නොවෙයි කියල හිතන් හිටපු යුද්ධය නිම වෙලා අවුරුද්දකුත් ගත උනා....ලංකාවේ ජීවත් වෙන අපේ ඇත්තොන්ගෙ ජීවිතවල ඔය අවුරුද්ද ඇතුලත මොනවද වෙනස් උනේ කියල පොඩි ලියමනක් දාන්න හිතුනා..මම හිතන් හිටියෙ යුද්ධය ඉවර උනාම ලංකාව සුරපුරයක් බවට පත් වෙන මුල් ලකුනු හරි පහල වේ කියල..මොකද අපෙ රට කරවන සහ කරවපු ඇත්තො කියපු දෙයක් තමයි යුද්ධෙ ඉවර වෙනකන් පටි තද කර ගන්න කියන එක.ඔන්න ඉතින් අපෙ කට්ටිය පටි තද කරන් හිටියනේ...හැබැයි මට පෙනෙන හැටියට නම් තව සෑහෙන කාලයක් පටි තද කරන් ඉන්න ලංකාවෙ ජීවත් වෙන අයට සිද්ධ වෙන පාටයි...යුද්ධය ඉවර වුනාම ලැබෙනවයි කිවූ ප්‍රතිලාභ මොනවද කියලයි මම කල්පනා කලේ..
දෙයියන්ගෙ පිහිටෙන් ඡන්ද දෙකක් තිබුනා....දේශප්‍රෙමියෝ දේශද්‍රෝහියෝ වුනා,හොඳට එක පතේ කාපු මිනිස්සු ප්‍රසිද්ධියේ ඇණ කොටා ගත්තා ඕවට පින් සිද්ධ වෙන්න...වුන එක හොඳක් තමයි ටික කාලෙකට හරි බදු අයින් කල නිසා බඩු මිල පොඩ්ඩක් පාලනය වුන එක(ලංකාවෙ බඩු මිල අඩු වෙන්නෙ නෑනේ)..දැන් ආයෙත් ඔන්න බදු තිබුන විදියටම දාල...ඡන්දදායකයන්ට කළගුණ සැලකීමක් හැටියට...ආසියාවේ ආශ්චර්‍ය්ය,ලෝකයේ හොඳම රට කරවන වගේ කතන්දර ගොඩක් පහුගිය කාලේ අහන්න ලැබුනනේ..අනේ වෙනව නම් කොච්චර හොඳද...දේශපාලනය පැත්තක දාල රටට හොඳක් වෙනව දකින්න තමයි බහුතරයකගේ කැමත්ත...මහාමාර්ග වාරිමාර්ග වෙන එක වලක්වන්න ඉක්මනින් යමක් කරන එක නම් වටිනවා ආශ්චර්‍ය්ය කෙසේ වෙතත්...
යුද්ධය ඉවර වුනා කියල එතන තිබුන මූලික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න උවමනාවක් කාටවත් තිබුනේ නෑ...තවත් යුද්ධයක් ඇති කරවන පසුබිම් හදපු අය නම් ඕනෑ තරම් හිටියා..
නමුත් යුද්ධයෙන් බැට කාපු දෙපැත්තෙම මිනිස්සු තාමත් දුක් විඳිනවා...තමුන්ගේ දරුවා,ස්වාමියා,පියා රට වෙනුවෙන් කැප කරපු ගොඩක් රණවිරු පවුල් ජීවත් වෙන්නෙ කොහොමද කියලවත් බලන එක මීට අවුරුද්දකට කලින් සති ගනන් උදම් වුන මිනිස්සුන්ගෙම යුතුකමක්..ඒ වගෙම තමාත් අවතැන් කඳවුරු වල දුක් විඳින අපේ ම මිනිස්සු ගැන හොයා බලන එක... මේ කාරණා දෙක අපි අතින් කොච්චර සිද්ධ වුනාද කියන එක හොයල බලන එක වටිනවා ජය ගැන උදම් අනනවට වඩා... යුද්ධයෙන් වැඩිපුරම බැට කාපු මේ දෙපිරිස හිනැහෙන දවසක අපිට සැබෑම සාමයක් ගැන සතුටු වෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම...
Subscribe to:
Posts (Atom)