Wednesday, May 19, 2010

යුද්ධය හා සාමය


මේ ආත්මෙදි ඉවර නොවෙයි කියල හිතන් හිටපු යුද්ධය නිම වෙලා අවුරුද්දකුත් ගත උනා....ලංකාවේ ජීවත් වෙන අපේ ඇත්තොන්ගෙ ජීවිතවල ඔය අවුරුද්ද ඇතුලත මොනවද වෙනස් උනේ කියල පොඩි ලියමනක් දාන්න හිතුනා..මම හිතන් හිටියෙ යුද්ධය ඉවර උනාම ලංකාව සුරපුරයක් බවට පත් වෙන මුල් ලකුනු හරි පහල වේ කියල..මොකද අපෙ රට කරවන සහ කරවපු ඇත්තො කියපු දෙයක් තමයි යුද්ධෙ ඉවර වෙනකන් පටි තද කර ගන්න කියන එක.ඔන්න ඉතින් අපෙ කට්ටිය පටි තද කරන් හිටියනේ...හැබැයි මට පෙනෙන හැටියට නම් තව සෑහෙන කාලයක් පටි තද කරන් ඉන්න ලංකාවෙ ජීවත් වෙන අයට සිද්ධ වෙන පාටයි...යුද්ධය ඉවර වුනාම ලැබෙනවයි කිවූ ප්‍රතිලාභ මොනවද කියලයි මම කල්පනා කලේ..

දෙයියන්ගෙ පිහිටෙන් ඡන්ද දෙකක් තිබුනා....දේශප්‍රෙමියෝ දේශද්‍රෝහියෝ වුනා,හොඳට එක පතේ කාපු මිනිස්සු ප්‍රසිද්ධියේ ඇණ කොටා ගත්තා ඕවට පින් සිද්ධ වෙන්න...වුන එක හොඳක් තමයි ටික කාලෙකට හරි බදු අයින් කල නිසා බඩු මිල පොඩ්ඩක් පාලනය වුන එක(ලංකාවෙ බඩු මිල අඩු වෙන්නෙ නෑනේ)..දැන් ආයෙත් ඔන්න බදු තිබුන විදියටම දාල...ඡන්දදායකයන්ට කළගුණ සැලකීමක් හැටියට...ආසියාවේ ආශ්චර්‍ය්ය,ලෝකයේ හොඳම රට කරවන වගේ කතන්දර ගොඩක් පහුගිය කාලේ අහන්න ලැබුනනේ..අනේ වෙනව නම් කොච්චර හොඳද...දේශපාලනය පැත්තක දාල රටට හොඳක් වෙනව දකින්න තමයි බහුතරයකගේ කැමත්ත...මහාමාර්ග වාරිමාර්ග වෙන එක වලක්වන්න ඉක්මනින් යමක් කරන එක නම් වටිනවා ආශ්චර්‍ය්ය කෙසේ වෙතත්...
යුද්ධය ඉවර වුනා කියල එතන තිබුන මූලික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න උවමනාවක් කාටවත් තිබුනේ නෑ...තවත් යුද්ධයක් ඇති කරවන පසුබිම් හදපු අය නම් ඕනෑ තරම් හිටියා..

නමුත් යුද්ධයෙන් බැට කාපු දෙපැත්තෙම මිනිස්සු තාමත් දුක් විඳිනවා...තමුන්ගේ දරුවා,ස්වාමියා,පියා රට වෙනුවෙන් කැප කරපු ගොඩක් රණවිරු පවුල් ජීවත් වෙන්නෙ කොහොමද කියලවත් බලන එක මීට අවුරුද්දකට කලින් සති ගනන් උදම් වුන මිනිස්සුන්ගෙම යුතුකමක්..ඒ වගෙම තමාත් අවතැන් කඳවුරු වල දුක් විඳින අපේ ම මිනිස්සු ගැන හොයා බලන එක... මේ කාරණා දෙක අපි අතින් කොච්චර සිද්ධ වුනාද කියන එක හොයල බලන එක වටිනවා ජය ගැන උදම් අනනවට වඩා... යුද්ධයෙන් වැඩිපුරම බැට කාපු මේ දෙපිරිස හිනැහෙන දවසක අපිට සැබෑම සාමයක් ගැන සතුටු වෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම...

No comments:

Post a Comment